Sunday, October 24, 2010

Virtual විශ්වවිද්‍යාලය

Virtual විශ්වවිද්‍යාලයක් යනු අපරටෙහි ජනතාවට තවමත් එතරම් හුරුපුරුදු යමක් නොවිය හැකිය.නමුත් ඉතාමත් නුදුරු අනාගතයේදී එය අප රටට නැතුවම බැරි දෙයක් වනු නොඅනුමානය.
                                  
                     මා පලමුව ඔබට Virtual University යන්නෙහි අර්තය වටහා දෙන්නම්.එහි සෘජු පරිවර්තිත සිංහල අර්තය වන්නේ , "අතත්‍ය විශ්වවිද්‍යාලය" යන්නයි .
                   
                    සත්‍යවශයෙන්ම විර්ටුඅල් විශ්වවිද්‍යාලයක් යනු භෞතික ගොඩනැගිලි වලින් තොර ,'ස්යිබර් අවකාශයේ' පවතින විශ්වවිද්‍යාලයකි. තවත් සරලව කිවහොත්,අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකි, තොරතුරු ගබඩාවකි. එය හුදෙක් අජීවී තොරතුරු ගබඩාවකින් වෙනස් වන්නේ,එයට සජිවීව,ශිශ්‍යයන් හා ගුරුවරුන් අන්තර්ජාලය හරහා සම්බන්ධවී සිටින බැවිනි.
  
                      Virtual විශ්වවිද්‍යාලයක ප්‍රධානම අරමුණ වන්නේ ,සියල්ලන්ටම නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදීමයි.එනම් ඩිප්ලෝමා,උසස් ඩිප්ලෝමා,උපාදි ලබා දීමයි.මෙලෙස සිදුවන ඉගෙනුම් ඉගෙන්වීමේ ක්‍රියාවලිය, "Distance Education" හෙවත් "දුරස්ථ අධ්‍යාපනය" ලෙස හඳින්වේ.

Virtual විශ්වවිද්‍යාලයක ක්‍රියාකාරිත්වය
                                                                  මෙහිදී,පිලිගත්,තෝරාගත් අචාර්ය මණ්ඩලයක් විසින් යම්කිසි විශයක්ශේත්‍රයක, පාඨමාලවට අදාල විශයකරුණු අන්තර්ජාලයට එක්කරයි.මෙම තොරතුරු Text Document හෙවත් ලියකියවිලි, Audio-Visual හෙවත් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාද්‍යයෙන් යන දෙවර්ගයෙන්ම පැවතියහැකිය.මෙම තොරතුරු ශිශ්‍යයන්ට නිවසේ සිටම නොමිලේ අන්තර්ජාලය හරහා බාගතකරගෙන,අධ්‍යයනය කලහැකිය.

                                   ඉන්පසු ශිශ්‍යයන්ට නියමිත ස්ථානයකට පමිණ තමන් හැදෑරූ, ඩිප්ලෝමාව, උසස් ඩිප්ලෝමාව, වෙනත්:-, පාඨමාලවට අදාල විභාගයට අන්තර්ජාලය හරහා පෙනීසිටිය හැකිය.

දත්තය:-
 * ලංකාවේ 220,000 පමණ වසරකට උසස්පෙළ සඳහා පෙනී සිටී ,මෙහිදී රජයේ විශ්වවිද්‍යල වල උසස්   අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන්නේ 20,000 පමණ ඉතා සුළු පිරිසකි.ඉතිරි 200,000 ටම තමන්ගේ මග තනිවම සොයා ගත යුතුව ඇත.
          මෙම ගැටළුවට හොඳම පිළියම වන්නේ Virtual විශ්වවිද්‍යාලයි.

Virtual විශ්වවිද්‍යාලයක වැදගත්කම:-  

*අතිවිශාල පිරිසකට එකවිට අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලැබීමටහැකිවීම.

*නොමිලේ උසස් අධ්‍යාපනය ලැබීමට හැකිවීම.

*ශිශ්‍යයන්ට දුරස්ථ අධ්‍යාපනය ලැබීමටහැකිවීම.

*ගමනට ගතවන කාලය ඉතිරිවීම.

*ගමන් වියදම් දැරීමට සිදුනොවීම.

*නිවසේ සිටම අධ්‍යාපනය ලැබීමටහැකිවීම.

*නොමිලේ අධ්‍යාපනය ලැබෙන නිසා දුප්පත් දරුවන්ටද උසස් අධ්‍යාපනවරම් හිමිවීම.

*තමාට පහසු ඕනෑම වේලාවක අධ්‍යයනයේ නියැලීමට හැකිවීම.

*තමාගේ අධ්‍යයනරටාවට ගැලපෙන ගුරුවරයකු තෝරාගැනීමට හැකිවීම.

*පාඨමාලාවට අදාල සටහන්,වීඩියෝ දර්ශණ නැවත නැවතත් පරිහරණය කිරීමට හැකිවීම.

*ගැටළුවක් පැනනැගුණුවිට, අන්තර්ජාලය හරහා ගුරුවරුන් හා සම්බන්ධවී,ලිඛිත,ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය සංවාද හරහා එය නිරාකරණය කරගැනීමට හැකිවීම.